වේල්ස් කුමර විදුහල

නිල වෙබ් අඩවිය

Get Adobe Flash player

සීල සමාදාන පිංකම
මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් අප විදුහලේ විවිධ වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක විය. ඒ අතර 29 වන දින සියලුම සිසුන් සහ ගුරුවනරුන්ගේ සහභාගීත්වයෙන් පාසල් පිරියත පිරිසිදු කිරීම සිදුකරන ලදී. එදිනම පහන් කූඩු වලින් පන්ති කාමර සහ පාසල අලංකාර කිරීමටද පාසල් සිසුන් කටයුතු කරන ලදී. 
එමෙන්ම 30 වන දින වාර්ෂිකව පැවැත්වෙන සීල සමාදාන පිංකම විදුහල්පති තුමා නියෝජ්‍ය විදුහල්පති වරුන්,සියලුම ගුරුමහත්ම මහත්මීන්ගේ,දෙමාපියන්ගේ සහ සියලුම සිසු දරුවන්ගේ දායකත්වයෙන් ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන ලදී.
මෙවර සීල සමාදාන පිංකම වෙනත් අවුරුදු වලට වඩා වෙනස් අන්දමින් සැලසුම් කර තිබු අතර ඉතා අලංකාර ධර්ම මණ්ඩපයක් තනා ඒ මත ස්වාමින් වහන්සේ වැඩමකරවා ධම්ම දේශනා ධර්ම සාකච්ජා ආදිය පවත්වන ලදී.
තව  කියවන්න... 

 

කොවුල් නද බක්මහ උළෙල

කවදත් පාසල් පද්ධතිය තුල නව යමක් කිරීමට මූලික වන අප විදුහල මෙවර එලබෙන සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද වෙනස්ම ආකාරයකින් සමරනු ලැබීය. 
එහිදී අප විද්‍යායේ සියළුම සිසුන් අධ්‍යන හා අනධ්‍යන කාර්යය මන්ඩලය හා එක්ව අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ පොරපොල් ගැසීම වැනි සාම්ප්‍රදායික ජන ක්‍රීඩා වලින් සමන්විත උත්කර්ශවත් අළුත් අවුරුදු උළෙලක් පවත්වන ලදී.
තවදුරටත්.... 



මොරටු මහා රන් සටන

 මෙවරත් අප විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 65 වන වරටත් පැවැත්වීය. ටෙස් තරගය 2015 මාර්තු 13 දින සහ 14 දිනයන් හිදී ද සොයිසා ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වු අතර සීමිත ඕවර තරගය 2015 මාර්තු 15 වන ඉරිදා පැවැත්වීනි.

මෙවර මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබුවේ වේල්ස් කුමර විදුහල් ආදි ශිෂ්‍ය සංසදය විසිනි.

තවකියවන්න...



 අප විදුහලේ දැක්ම සහ මෙහෙවර

ගවේශණය, නිරීක්ෂණය හා පර්යේෂණය පදනම් කරගෙන සිසු නිපුණතා හා කුසලතා මතු කරමින් සහජ හැකියා ඔප් නැංවෙමින් හා දිරි ගන්වමින් රටට වැඩදායි, ඵලදායි පුරවැසියන් බිහිකිරීම අපගේ දැක්ම වන්නේය.

ජාතික අරමුණු  මූලික කරගත් නිපුණතා පාදක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ  මම සේවය කරමි, ඔබේ සේවය අගයමි යන්න තේමාව ‍කොටගත් ගුණයෙන් නැණයෙන් සපිරි නිර්මාණශීලීව හා විනයගරුකව, අභිමානවත්ව, පියවරෙන් පියවර ඉදිරියටම යන මානව හිතවාදී උසස් ජාතික මෙහෙවරකට වේල්ස්කුමරුවන් දායද කිරීම අපගේ මෙහෙවර වන්නේය.

වේල්ස් කුමර විදුහල, ගාලු පාර,

 රාවතාවත්ත, මොරටුව